ගෘහස්ථ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ?

අද දින උදෑසන ඡන්ද පත්‍රිකා භාරදීමට තැපැල් මහතා පැමිණීම, මා වසර ගණනක් පෙරුම් පිරූ අවස්ථාවක් විය. මන්ද, මේ එළඹෙනුයේ මා ඡන්දය භාවිතාකරන ප්‍රථම අවස්ථාවයි. කෙසේවුවද, මේ දිනවල ඇතිවී තිබෙන ඡන්ද උණුසුමත් සමඟ අපේ නිවස එකම ගාලගෝට්ටියකි. පියා පාරම්පරික UNP කාරයෙකි. මව පාරම්පරික ශ්‍රී ලංකා කාරියකි. ඇයගේ පියාගේ අභාවයත් සමඟ ඕ මගේ පියාගේ පක්ෂයට ගියාය. පියාගේ මව නිවසේ සිටියද, ඇයට සිහිකල්පනාවක් නැත. මල්ලිට ඡන්දය දැමීමට වයස මදි වුවද, මා එය සපුරා ඇත. එබැවින් අපේ ගෙදර ඡන්ද ත්‍රිත්වයක් ඇත.

මා ඡන්දය ප්‍රකාශ කරන්නේ බුද්ධිමත්ව සිතා බලාය. ඒ අනුව මගේ ටිකිරි මොළේට වැටහෙන ආකාරයටනම්, මෙවර මා ඡන්දය ප්‍රකාශ කළයුතු වන්නේ රටේ ඒකීය භාවය සුරකින නායකයෙකු හටයි.

නමුත් මවගෙන් මේවනවිට දැඩි පීඩනයක් මාවෙත යොමුවෙමින් පවතියි. ඔවුනට අවශ්‍යය වනුයේ මගේ ඡන්දය මා ලවාම හොර ඡන්දයක් කිරීමයි. මෙම සතිය අසනීප තත්වයක් නිසා විශ්වවිද්‍යාලයට නොගිය මාහට පුරා සතියම මෙම කංකරච්චලයට මුහුණදීමට සිදුවිය. කුමන බලපෑම් පැමිණියද මාගේ ඡන්දයට කාටවත් බලපෑම් කළ නොහැක. එය මාගේ අයිතියකි. උප්පැන්න සහතිකයෙහි හෝ විවාහ සහතිකයෙහි තමන් ඡන්දයදෙන පක්ෂයක් දමා නොමැති බැවින් ඔබද එය ඔබට රිසිසේ, ඔබගේ ප්‍රතිපත්ති වලට වඩාත් ගැලපෙන අපේක්ෂකයා වෙනුවෙන් භාවිතා කරන්න.

Advertisements

ප්‍රතිචාර 14

Filed under දේශපාලන, මට වෙච්ච වැඩ, මම

14 responses to “ගෘහස්ථ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ?

  1. අහා…ඔය ප්‍රශ්නෙම ටිකක් වෙනස් විදියට මෙහෙත් තියෙනවා බන්. තාත්තා හන්සයට, අම්මා ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැළකී සිටිනවලු…උඹ වගෙම මමත් මගෙ නම් දෙවෙනි ඡන්දය දෙන්නෙ රටට එකීය බාවයට, යහපත් පැවැත්මක් රටෙ පවත්වාගෙන යා හැකි නායකයකුටයි..
    ඔන්න ඔකයි තත්වෙ…

  2. සහන්

    මල්ලියේ නිල ඡන්ද දැන්වීම්පත ප‍රිස්සම් ක‍රගනින් අම්ම ඒක හංගයි 😉

  3. “ඒකීය”? ලංකාවෙ දේශපාලනේ සම්බන්දයෙන් මගෙත් ඡන්දය පාවිච්චි වෙන්නෙ ඔය වචනෙටම තමයි. ජය වේවා!!!

  4. නිදහස් අදහස්

    ඊයේ රාජිත උන්නැහෙ කිව්වෙ 13+ කියල. තාම මහින්ද උන්නැහෙ එකඟ නෑ වෙන්ට ඇති.

  5. දිlee

    අපෙ ගෙදරත් ඔහොම තමයි අපෙ කට්ටිය පාරම්පරික නිදහස් ප්ක්ශෙ (එහෙම එකක් දැන් තියෙනවද මන්ද ) අපෙ ගෙදර අය මගෙ චන්ද කාඩ් එක හන්ගලා තිබුනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )