ඌරන් කැකුණ තලනවිට හඹන් කුකුළන්ට ජය මඟුල්

පසුගිය සතියේදී ඇමරිකාවේ Illinois නීති විද්‍යාලයේ මහාචාර්යවරයකුවන (අපට අනුව පඬියකුවන) ෆ්‍රැන්සිස් ඒ. බොයිලි ශ්‍රී ලංකාව සම්බන්ධ වැදගත් පොතක් එළිදැක්වීය. මුලු රටම ජනාධිපතිවරන උනුසුමෙන් ඇළලීයමින් පවතින මෙවන් සමයක ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ නැවතත් ඇරඹී ඇති අයුරක් අපට පෙනීයයි. නොවැම්බර් 29දා එළිදැක්වූ ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරය නම් බොයිලිගේ පොතින් විඳහා දක්වනුයේ විදේශයක ඊළාම් රාජ්‍යයක් ගොඩනැඟීමේ වැදගත්කමයි. ටැමිල් නෙට් අඩවියට අනුව මෙවැනි කටයුතු සම්බන්ධයෙන් මොහුහට ඉතිහාසයක් පවතී. 1993 දී Bosnia හා Herzegovina සම්බන්ධ ගැටලුව වැනි කරුණු ජාත්‍යන්තර අධිකරනය වෙත රැගෙන යාමට මොහු සමත්වී ඇත.

මේ අතර, 2011 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනාවී තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව මෙරට පැවැත්වීමට බිරිතානි අග්‍රාමාත්‍යා ගෝර්ඩ්න් බ්‍රවුන් හා කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීපන් හාපර් විරෝධය පළකර තිබේ. ඒ අනුව 2011 දී එය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනු ඇත. අප රටට එරෙහිව මෙවන් කුමන්ත්‍රණ සිදුවන මෙවන් මොහොතක, අපි ජධිපතිවරණයක සිරවී සිටිමු. බෙදුම් වාදය යුධමය වශයෙන් පරාජයට සහය දැක්වූ යුධ වීරයන්

” LTTE යට උදව් කරපු කණ්ඩායම්වලටත් මගේ ප්‍රතිපත්ති කිව්වා. ඒ අයටත් මට සහය දිය හැකියි. ප්‍රභාකරන්ගේ මවුපියන් වුණත් මට සහය දක්වනවා නම් මා කැමතියි. ”

වැනි ප්‍රකාශ කිරීම, දකුණතින් ලැබූ ජයග්‍රහනය වමතින් විසිකිරීමට සැරසීමක් වැනියැ.

මගෙ පසුගිය ලිපිය 2009 Version : තයෝධම්ම ජාතකය මෙතනින් බලන්න

Advertisements

ප්‍රතිචාර 15

Filed under ජාත්‍යන්තර, දේශපාලන

15 responses to “ඌරන් කැකුණ තලනවිට හඹන් කුකුළන්ට ජය මඟුල්

  1. සමගිය බලය වේ කියල අපි ලෝකෙටම කියල ඇතුලෙ මරාගන්නවා. ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වැඩියි කියනවනේ. වතුර බොර වුණහම වටේ ම ඉන්න අපිට විනකරන්න බලාගෙන ඉන්න වුන් මාළු බානවා. විජාතිකයො (ෆ්‍රැන්සිස්ල) තව හොඳයි කියල හිතෙනව දැන් වෙන දේවල් ඇහුවම. මට නම් හිතෙන්නෙ ‍මෙවැනි අදහස් යුධ වීරයන් කරන එකෙන් එයාලගැන අපේ හිතේ තියන ගෞරවය අඩුවෙයි කියන එකයි.

  2. ushower

    ඇයි මේ වචනයක් අල්ලගෙන? දැන් ප්‍රභාකරන් ඉවරයි. ඉතිරි වෙලා ඉන්න දෙමල මිනිස්සු ටික නැති කරනකන්මත් මේ විරෝධය නැති වෙන්නෙ නැද්ද? සරත් නෙවෙයි මහින්ද වුණත් කැමති ඇති ප්‍රභාගෙ අම්මලගෙ ඡන්ද ටිකත් වැටෙනවනම්. සරත් ෆොන්සේකා මේ කියල තියෙන්නෙ ඔහු යටතේ තව දුරටත් වෛරය වෙනුවට සමගිය, එක්ව විසීම පවතින බවයි.

    නියම ශ්‍රී ලාංකිකයො කැමති වෙන්න ඕන මේ වගේ ඍජුව තමන්ගෙ විවෘත අදහස කියන අයට. ‍බොරු දේශ ප්‍රේමය විකුණගෙන ඡන්ද හොයන අයට වඩා.

    තර්ඩ් මෑන් මේක දිහා බලන්නෙ මහින්දගෙ කෝණයෙන්.

  3. @ Ram raj

    බොහොම ස්තූතියි !

    ශ්‍රී ලංකා මාතාව අපේ මවු බිමයි. එය අපි කිසි දිනෙක අමතක නොකරමු.

  4. මං සුභ පතනව‍ා රටවෙනුවෙන් කතා කරනවාට

  5. නිදහස් අදහස්

    Basil Rajapaksa told Indian leaders and officials that besides plans to enforce the 13th Amendment to the Constitution, the Government was also looking at constitutional reforms.

    එතකොට බැසිල් 13 ගැන කියන කොට හොඳයි.
    http://sundaytimes.lk/090628/Columns/political.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )