සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් ………

ඔබ පසුගිය සෙනසුරාදා (14) පුවත් නැරඹුවෙහිද ? සඳ පිළිබඳව යම් පුවතක් ඔබ දුටුවෙහිද ? එදින බොහෝ ජනමාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් වූයේ එක්සත් ජනපදයේ, ජාතික අභ්‍යවකාශ විද්‍යා හා අජටාකාශ මණ්ඩලය (නාසා/NASA) විසින් චන්ද්‍රයා මතුපිට ජලය සොයාගත් බවයි. CNN, BBC වැනි බටහිර මාධ්‍යයන්හට මෙය සුවිසාල පුවතක් විය. එබැවින් බටහිර ජනමාධ්‍යවල කටු ලෙවකන අපේ රටේ මාධ්‍යයන්හට මෙය පුවතක් වීම අරුමයක් නොවේ.

නමුත් මේ සියල්ලන්හට අමතකවූ කරුණක් ඇත. එනම්, පසුගිය සැප්තැම්බර් 24 වන දින, ඉන්දීය විද්‍යාඥයින් සඳමත ජලය පළමුවරට සොයාගත් බවයි. 2008 වසරේ නොවැම්බර් මස 14වන දින සඳ මතුපිටට බට චන්ද්‍රයාන් යානය මගින් මෙම සොයාගැනීම කිරීමට ඉන්දියානුවන් සමත්විය. එහිදී කියැවුනේ චන්ද්‍රයාමත තුනී ජල තට්ටුවක් ඇතිබවයි. නමුත්, මෙම පුවත සඳහා ලැබුනේ ඉතාමත් අඩු ප්‍රසිද්ධියකි.

තත්වය මෙසේ වුවද, පසුගිය 14 දින (චන්ද්‍රයාන් සඳ මතුපිටට ගොස් වසරක් පිරෙන දින ) බටහිර මාධ්‍යයන් මවා පෑමට උත්සාහ කළේ කුමක්ද ? ඇමරිකානුවෙක් සඳමතුපිට පා තබා 40 වසරක් ඉක්මගියද, ඔවුන්ට පෙර ඉන්දියාව පළමුවෙන් සඳමත ජලය සොයාගනීම ඔවුන්ට සිදුවූ අවමානයක් ලෙස ඔවුන් දකීද ? මේ පිළිබඳව ඇමරිකානු විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් කුඩා ප්‍රමාණයක් නොව, විශාල ප්‍රමාණයක් ජලය සොයාගත් බවයි. කුඩා ප්‍රමාණයක් වේවා විශාල ප්‍රමාණයක් වේවා, පළමුව සඳ මත ජලය සොයාගත්තේ ඉන්දියාවබව ඇමරිකානුවන්ට සැඟවිය හැකිද ?

  • මේ පිළිබඳව මා නොදන්නා යම් කරුණක් ඇත්නම් පැවසීමට කාරුණික වන්න.
Advertisements

ප්‍රතිචාර 8

Filed under ජාත්‍යන්තර, විද්‍යාව

8 responses to “සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් ………

  1. lahiru

    qwa ohoma thamai machan.indiwatath kalin mama kewwa hade wathura thiyanawa keyala.eth kawruwath ganan gaththe na.

  2. අසේල

    “ඇමරිකානුවෙක් සඳමතුපිට පා තබා 40 වසරක් ඉක්මගියද, ඔවුන්ට පෙර ඉන්දියාව පළමුවෙන් සඳමත ජලය ………”

    පුදුමයි, මාර ලැජ්ජාවක් තමා එහෙම වෙලා තියනවනම්.ඇමරිකාව සඳ පරීක්ෂා කරනව කියල වෙන දේවල් ගැන පරීක්ෂණ කලාද දන්නෑ.

  3. ඒ කොහොම වුණත් මට හිතෙනව මෙයාල (ඇමෙරිකාව) හඳේ වතුර ප්‍රශ්ණයක් කරගන්න ඉස්සර වෙලා අපිට තියන ජල සම්පත කාර්යක්ෂමව භාවිත කරන ක්‍රම (ජලය පිරිසිදු කිරීම- මුහුදු ජලය භාවිතයට ගැනීම වගේ දේවල්) හොයන එක හොඳයි කියල. මොකද පරිසරය ආරක්ෂා කරන්න අපිට කියල දුන්නට මේවගේ ලොකු රටවල් තමයි ඉතින් විනාශ කිරීමත් පටන්ගත්තෙ. —–කොහොම වුණත් මං දන්න හුඟ දෙනෙකුට තියෙන්නෙ ඇමෙරිකාවට යන උණ. ඒක හින්ද අපේ අය හුඟදෙනෙක් කැමතිවෙයි ඇමෙරිකාවට ලකුණු දෙන්න—-

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )