මග මරුවෝ !

මේ පවසන්නට යන්නේ ඊයේ දින සරසවිය නිමවී මා නිවස බලා පැමිනෙණ අතර මගදී සිදු වූ සිදුවීමකි. මෙදින අපහට සරසවි අනුගත කිරීමේ වැඩසටහනෙහි, සංගීත වැඩසටහනක් ප.ව. 4.30 ට නියමිතව තිබුණද, මා එයට සහභාගීනොවී පැමිණියේ නිවසට යාම ප්‍රමාදවන බැවිනි. ඉතින් මා විශ්වවිද්‍යාලය අසලින් කුරුණෑගල පුද්ගලික බස් රථයකට ගොඩවූ අතර, එදින සිකුරාදාවක් වූයෙන් මා හට යාමට වූයේ සිටගෙනය.

ටික දුරක් යනවිට සුපුරුදු පරිදි බස් රථය, වෙනත් බස් රථ සමග රේස් යාමට පටන්ගන්නා ලදි. එක්වරම ඉදිරියෙන් ගමන්ගත් බස් රථය තිරිංග යෙදීය. එයට පිටුපසින් පැමිණි මා ගමන්ගත් බසයේ රියැදුරාට එක්වරම බසය නතර කරගත නොහැකි විය. “දඩස්” හඩක් ඇසුනි. මා ගිය බසයේ වම්පස පැති කණ්ණාඩිය පාර මැදය. තම ගමන පමාවීම පිළිබදව මගීන් කෝපයෙන් පුපුරයි. කෙසේ හෝ කොන්දොස්තරවරු දෙදෙනා බසයේ අයිතිකරුවන්ට දුරකථන ඇමතුම්දී, විනාඩි 10 කට අඩු කාලයක් තුළ ගැටලුව සමථයකට පත්කරගැනීමට සමත්විය. වැඩිවේලාවක් යාමට මත්තෙන් “ඔන්ද ස්පොට් අතට සල්ලි” රක්ෂණයෙන් පැමිණ අනෙක් බසයේ ඡායාරූප ගත්තේය.

නැවතත් ගමන ආරම්භවිය. විනාඩි 40 ගතවූයේනැත. මා ගමන්ගත් බස් රථය පසුකිරීමට උත්සාහකළ තවත් බස් රථයක්, මා ගමන්ගත් බසයේ දකුණුපස පැති කණ්ණාඩිය කඩාගෙනගොස් නතරවිය. දැන් බසයේ පැති කණ්ණාඩි කිසිවක් නැත. බොහෝමයක් මගීන් මෙවරද මෙය දෙස දුටුවේ  කෝපයකිනි. නමුත්, මා ඇතුළු කිහිපදෙනෙකුටනම් එවෙලේ නැගුණු සිනහව නතර කරගත නොහැකිවිය. (තවමත් මතක්වන විට බඩපැලෙන්න සිනාවියහැක.) කෙසේ වුවද මෙවරත්, ගැටළුව ගොඩින් බේරා ගැනීමට කොන්දොස්තරවරුන් සමත්විය.

Advertisements

ප්‍රතිචාර 4

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය

4 responses to “මග මරුවෝ !

  1. ඕය බල්ලන්ට සල්ලි විතරයි ඕන. ඔක්කොම බස්‍කාරයො ඔහොමයි.

  2. දවසක් අපි සෙට් එකක් කැම්පස් එක ගාව බස් නැවතුමේ ඉන්නවා. බර ට්‍රැෆික් එකක්. දන්නවනේ highlevel එකේ හවසට තියන traffic එක. වාහන ඉතිං එකක් පස්සෙ එකක් හිමින් හිමින් යන්නෙ. මේ අස්සෙ එක පාරම 138 බස් කාරයෙක් බස්එක පදික වේදිකාව උඩින් දාල තව බස් එකක් ඉස්සර කරන්න ට්‍රයි කරා. යකෝ මුන්ට පේමන්ට් එකෙත් යන්න පුළුවන්ද අපි අයින් උනේ නෑ. ඩයිවර්ගේ විනය විරෝධී ක්‍රියාව නිසා මල පැන්න අපේ අය කෑගහන්න ගත්තා බස් එකට. අපේ අයට තවත් මල පැන්නේ ඩයිවරයත් වැරද්ද පිළිනොගෙන උත්තර දෙන්න ඒමෙන්. අපි කොන්දා එළියට ඇදලා දෙකක් දෙන්න හදනකොට ඌ ඇතුලට දිව්වා. කොච්චර 138 120 බස් තිබුනත් උන් කැම්පස් එක ගාව බහින්න බයයි. දන්නවනේ බඩු හම්බෙන විත්තිය.

    පොඩ්ඩා හරි ඔය බල්ලොන්ට සල්ලි විතරයි ඕන.

  3. Kondostharage anupanen, side glass 2ma nathuwa hari bus eka giyane..
    mehema bus wala yana apitai gahanna one.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w