පෙර පාසැලක් ලෙස දුටු සරසවිය

මාතෘකාව දුටු විගස ඔබ වික්ෂිප්ත වූවානම් එය අරුමයක් නොවේ. මා මෙහි පවසන්නට යන්නේ මා අත්විදි සිදුවීමකි. මා කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකි. අනෙකුත් සරසවීන් මීට මාස 2 කට පමණ පෙර ආරම්භ වුවද, යම් හේතුවක්මත අපට ආරම්භ වූයේ පසුගිය 19 වන සදු දිනයි. මෙදින අප සමග වාණිජ හා කළමනාකරණ පීඨයේ නවකයන්ද කැදවනු ලැබීය. සියල්ලන්වම ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන් ඉතා ආදරයෙන් පිළිගත් අතර ඔවුන් අපහට සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.

අනතුරුව සමාරම්භක නිල උත්සවය පැවැත්වූයේ, ශ්‍රී ධර්මාලෝක උපාධි ප්‍රදානෝත්සව ශාලාවේදීය. මා මෙම සටහන තැබීමට මූලිකවූ සිදුවීම සිදුවූයේ මෙහිදීය. පෙ.ව. 9 ට ආරම්භ වියයුතු උත්සවයට මා ගියේ ආරම්භයට ඔන්න මෙන්න තිබියදීය. එබැවින් මාහට අසුන් ගැනීමට සිදුවූයේ, සිසුන් සදහා වෙන්කර තිබූ අසුන්වල පිටුපසට වන්නටය. මේ වනවිටත් ඇතැම් සිසුන් පැමිණෙමින් සිටියි. දෙමාපියන් හා සිසුන් ශාලාවට ඇතුල් කරවන්නේ වෙනවෙනම බැවින් දෙමාපියන් කොටසක් ශාලාවෙන් පිටත පෝලිමක සිටී. උත්සවය ආරම්භකිරීම සදහා නිවේදකයා සභාව ඇමතීම ආරම්භ කරනවාත් සමගම, ප්ලාස්ටික් පුටු පෙරලෙන හඩක් නැගුණි.එක් වරම පිටුපස හැරී බැලූ අපහට දක්නට ලැබුනේ ආරක්ෂක නිලධරුවන්ද පෙරලා ශාලාවට පිවිසෙන දෙමාපියන්ය. ඔවුන් ශාලාවට පැමිණ සිසුන් සදහා වෙන්කර තිබූ ආසනවලද (මා සිටි පෙළට පසුපස පෙළ) අසුන්ගත් අතර, ආරක්ෂක නිලධාරියෙක් පැමිණ ඔවුන්හට පැවසූවේ, “දැං තව ළමයි ආවොත් ඔයාලට ඔතනින් යන්න වෙනවා” යනුවෙනි. වැඩිවේලාවක් ගතවූවේ නැත. ගැහැණු ළමුන් පෝලිමක් පැමිණ ඔවුන් අසල සිට ගන්නාලදි.

අනතුරුව, සාමාන්‍යලෙස උත්සවය පැවති අතර, පෙ.ව. 10.40 පමණ වනවිට එය අවසානවිය. රසවත්ම සිදුවීම වූයේ මින් පසුවයි.උත්සවය අවසානයේදී, නිවේදකයා දැනුම් දුන්නේ, දෙමාපියන්ට ශාලාවෙන් ඉවත්වන ලෙසත්, දරුවන්ට තම ආසනවල රැදී සිටින ලෙසත්ය. නමුත්, දෙමාපියන් ශාලාවෙන් ඉවත්වන බවක් නොපෙනේ. ඇතැම් දෙමාපියන් දරුවන් සිටින ආසන වෙත යයි. ඇතැම් දරුවන් දෙමාපියන් සොයා යයි. ශාලාවම එකම මාළු කඩයකි. නැවතත් පොලිස් කාරයාගේ භූමිකාව සදහා ආරක්ෂක නිලධාරීන් අවතීර්ණවිය. ඔවුන්හට ශාලාව තුළ දරුවන්ගේ සක්මන නැවතීමට කටයුතු කරන අතරම, දෙමාපියන් ශාලාවෙන් ඉවත්කිරීමද සිදුකිරීමට විය. එක් පියෙකු දරුවන් සිටින පෙදෙසට යාමට යාමේදී, ආරක්ෂක නිලධරුවෙක් ඔහු නවතා “කොහෙද යන්නේ ?” යි විමසීය. පියා අතදිගුකර යමක් මිමිණීය. අවසන කෙසේ හෝ ආරක්ෂකයින්ගේ වෑයම සාර්ථක වූ අතර, ඉන් පසු සිදුවූ දෙය මාහට අදහාගතනොහීය. ශාලාවෙන් පිටත සිටින දෙමාපියන් ජනෙල් කවුළු තුලින් පොරකමින් ශාලාව දෙස බලමින් සිටී. මෙම සිදුවීම් මාලාව දුටු විට සැබැවින්ම මාහට සිහි වූයේ පෙර පාසැලකට දරුවන් භාරදෙන දිනක්. එම අවස්ථාවේදී ප්‍රසිද්ධියේ සිනහ වියනොහැකි වුවද, මා සිතින් බඩපැලෙන්න සිනාවිය. මෙය මා රචනයේදී එය කෙතරම් දුරට ඔබට සමීප කිරීමට හැකිවූයේ දැයි ඔබම තීරණය කරන්න.

Advertisements

ප්‍රතිචාර 16

Filed under මට වෙච්ච වැඩ, රසවත්, විශ්ව විද්‍යාලය

16 responses to “පෙර පාසැලක් ලෙස දුටු සරසවිය

  1. කවිදු

    බඩපැලෙන්න සිනාවිවි හිටපන් … ඔය අම්මල තාත්තල කොච්චර අමාරුවෙන්ද එයාලගෙ දරුවන්ට උගන්නන්නේ… ‍දරුවන්ට කරදරයක් වෙයි කියල දෙගිඩියාවෙන් ඉන්න එයාල මේක දැකකොත් ගලවල අතට දෙයි…. කොහොමත් උඔලට හොද සංග්‍රහයක් ලඟදිම ලැ‍බෙයි

  2. අනූ

    එක අතකට විශ්වවිද්‍යාලයක් වගේ තැනක පළවෙනි දවසට වුනත් දෙමාපියන් අත්‍යවශ්‍ය නෑ. ඒත් අවුරුදු ගානක් ඉස්කෝලෙ ගිය තමන්ගෙ ළමය විස්ස විජ්ජාලෙ යනව දකින්න මොන අම්මද තාත්තද අකමැති. අනිත් එක මේ දවස් වල කැම්පස් වල සිද්ධ වෙන නවක වදය වගේ දේවල් නිසා තමන් ළමයි තනාකරල යන්න දෙමව්පියො හරිම අකමැතියි. ඔය උත්සවේ සංවිධානය කරපු අයට හිතුනෙ නැද්ද හැම ළමයෙක්එක්කම එයාලගෙ අම්මයි තාත්තයි එයි කියල. රජයේ ආයතන වල තියන අපිලිවෙල මෙතනත් තියන බව හොඳටම පැහැදිලියි.

  3. සෙනෙවි

    ඔබේ ලිපිය මා තුල විශ්මයක් ජනිත කරයි.
    ඔබ මෙතෙක් කල් ලංකාවේ සරසවි වල නවක වධය ගැන අසා නැද්ද?
    පෙර පාසැලකට දරුවන් භාරදෙන දිනක දෙමාපියන් ඉවත්ව නොයා බලා ඉන්නේ දරුවන් හඬනු ඇතැයි බියෙනි.
    සරසවියට දරුවන් භාරදෙන දිනක අසරණ වන දෙමාපියන් ශාලාවෙන් පිටත ජනෙල් කවුළු තුලින් පොරකමින් ශාලාව දෙස බලමින් සිටිනුයේ සරසවිය තුල සිටින නවක වධකයන්ගේ තරම ගැන දන්නා නිසාය.
    ඔවුන්ගේ සිත්වල ඇති භීතිය කොපමණ ද යන්න ඔබ පියෙකු වූ දිනක ඔබටද දැනෙනු ඇත.
    එවිට ඔබ අද සිනාවීම ගැන ඔබම දුක්වනු ඇතැයි මට සිතේ.

  4. යාන්තං ඇති. කැලණියේ තව එක බ්ලොගර්කාරයෙක් හොයාගත්තා.
    අඳුනගන්න ලැබීම සතුටක්. මම දෙවන වසරේ.

    ගිය වසරේ නම් පිළිගැනීමේ උත්සවය තිබුණේ දෙවෙනි දිනයේ. ඒ නිසා දෙමාපියන්ගේ ප්‍රශ්න ආවේ නෑ.

  5. @ කවිදු, සෙනෙවි

    මමත් කැම්පස් එකට ඇතුල්වුනේ ඔය දවසෙම තමයි. මාත් එක්කත් දෙමාපියෙක් පැමිණියා. නමුත්, එම වැඩිහිටියාටවත්, මටවත් ශාලාව පුරා ඇවිදින්නට අවශ්‍යයතාවක් ඇතිවුනේනෑ. සංවිධායකවරුන්ගේ උපදෙස් පරිදි මා ආසනය වී සිටි අතර, එම වැඩිහිටියා ශාලාවෙන් පිටවූවා. සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුට තේරෙනවානෙ උපකුළපතිතුමා ඇතුළු සරසවි ආචාර්ය්‍ය මණ්ඩලය සිටින ස්ථානයක නවක වදයක් සිදුනොවනබව.

  6. fresha

    මෙයින් පෙනෙන කාරණය වෙන එකකි.. වෙන රට වල ළමයින් ස්වභාවිකව වැඩිහිට්යන් වන අතර.. ලංකාව නම් දූපතේ සියලු දෙනාම සදාකාලික ළමාවියක් ගෙවමින් සිටින බවය. නීති නොදන්නා සේ හැසිරෙන්නේද. නීති කඩන්නේද වැඩිවිය නොපැමිණෙන නිසා බවය. එතකොට මෙහෙ ඉන්න රාජ අපරාද කාරයන් එන්නේ ඉන්දියාවෙන්ද?

  7. මේකනේ මල්ලී,
    අද විශ්වවිද්‍යාලවල සිද්ධ වෙන දේවල් ඇහෙනකොට ඒ අම්මල තාත්තල සෑහෙන්න බයෙන් නේ තමන්ගෙ දරුවා කැම්පස් එවන්නෙ. ඒ නිසා මේකෙ වැරැද්දක් කියන්නත් බෑ.
    හැබැයි ඔයාට මේ අත්දැකීම ජපුරෙදි ලැබිච්ච නැති නිසා වෙනසක් තේරෙනව ඇති. නේද?

  8. e siddiya nisi kalamanakaranayakin walak wa ganna thibuna deyak..
    sarasaviyata bara deema pasalakata baradeemata wada hugak anathuru sahithai.
    pasaledi nam lamayage wagakeema sampoonayenma guruwaru baragaththath, sarasaviye ema wagakeema baraganne kauda?
    acharya waruda? jeshtain da?
    matanam pilithura ane manda yannai…

  9. පින්ග්කිරීම: අතට ගත් පසු කටට දා ගැනීම « ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w