යුක්‍රේන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් පසුගියදා සිදුවිය. යුක්‍රේනය පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති රටකි. නමුත්, සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව, එයට අයත්ව පැවති බොහෝ රටවල මෙන් මෙහිද, රුසියාවට පක්ෂපාතී පක්ෂ හා ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාතී පක්ෂ ලෙස පක්ෂ දෙකොට්ඨාසයක් බිහිවිය. මේ වනවිට යුක්‍රේනයේ පාලනය හිමිව ඇත්තේ රුසියානු පාක්ෂික කණ්ඩායමක් වෙතයි. මෙම ගැටුමට මූලික හේතුව වී ඇත්තේ යුක්‍රේනය තුළ පවතින රුසියානු නාවික මූලස්ථානයක් තවදුරටත් පවත්වාගෙනයාමට ආණ්ඩු පක්ෂය ගත් තීරණයයි. මෙම තීරණයට විරුද්ධවූ විපක්ෂය ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට හා කථානායකවරයාට පහරදීමටත්, දුම් බෝම්බ එල්ලකිරීමටත් කටයුතු කරඇත. මේ පිළිබඳව අපට පවසීමට ඇත්තේ, යුක්‍රේන වැසියා බෙහෙවින් වාසනාවන්තය. මන්ද, අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ මේ සේරම කරන්නේ.




මොනවා වුණත් මෙහෙම බලද්දී අපේ රටේ රට කරවන තැන ඉන්න ඇත්තෝ මසුරං වටිනවා. කිසිම දවසක දෙගොල්ලෝ ගහ ගත්තට උඩින්ම ඉන්න කතානායකතුමාට කිසිම හිරිහැරයක් කරලා නැහැ නොවැ.
ඒක නිසා අපේ රටකරවන තැනින් යුක්‍රරේන් පාර්ලිමේන්තුවේ සිද්ධිය හෙලා දැකලා නිවේදනයක් නිකුත් කලා නම් වැඩේ හරි
අපෙත් සෙන්කෝලෙ උස්සන් දුවපු අයනම් ඉන්නවා.
හැබැයි අපේ අය මේ වගේ වැඩනම් කරල නෑ තමයි.
හැබැයි මෙහෙම පුරස්නයක් තියෙනවා. නිවේදන නිකුත් කොරන්න ගොහින් ඇමරිකාව අපිත් එක්ක තරහ වෙයිද මන්ද
ඇමරිකාව අපිත් එකක තරහ වෙන්න අපිත් එක්ක යාළුවෙලා හිටියද ?:) හැමදාම මොකක් හරි අංචියක් අදින්නනේ ඉන්නේ
එහෙමනම් අපි කොච්චර වාසනාවන්තද බං, අපේ අය අපි වෙනුවෙන් පාර්ලිමේනතුව ඇතුලෙ මොනතරම් නම් ජවුසන් නටනවා කියලද…..