මාසයක් ගෙදර

ChickenCartoon

කිහිප දිනක් තිස්සේ මේ සටහන ලියන්න හිටියත්, එය මා හට මඟහැරී ගියා. කොහොමහරි දැන් ඉතින් ලියලම තමයි පස්ස බලන්නෙ කියල ලියන්න පටන් ගත්තා. සති 2ක් (ඡන්ද නිවාඩු සතිය රහිතව) සරසවි යාමට නොහැකි වුනා දරුණු උණ රෝගයක් හේතුවෙන්. දොස්තරලානම් කිව්වෙ වෛරස් උණක් කියලයි. සති 2ක් උණ තිබුනා. ඡන්දෙට සතියක් නිවාඩු හම්බුනනිසා රෙස්ට් කරන්නත් පුළුවන් වුනා. අසනීපෙන් පස්සෙ හා හා පුරා කියල පසුගිය සතියේ සඳුදා කැම්පස් ගියා. වෙනද වගේ නෙමේ. කන්ද නැඟලා එනකොට හොඳ ගනන්. කකුල් දෙක පණ නැතිවෙනවා.

උදේම තිබ්බෙ මාගේ ප්‍රියතම විෂය – ඉලෙක්ට්‍රොනික්ස්. අහෝ !! මේ කිනම් විපර්යාසයක්ද ? මෙතෙක් මාහට හොඳින් වැටහුණු විෂය ! දැන් අසන්දිට්ඨිකයි. ඉන් පසුව තිබුනේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රායෝගික පන්තිය. ඒකනම් ටොප්. හැබැයි අවුලකට තිබ්බෙ පැය 3ක් හිටගෙන ඉන්න එකතමා. ප්‍රායෝගිකය කරන වේලාවේ මාහට එතරම් වැටහීමක් නොතිබුනද, දෙපා අමාරුව දැනෙන්න ගත්තේ ඉන් පසුවයි. හප්පා ! ඇවිදගන්නත් බෑ විසිවෙනව වගේ. ඔළුවත් කැරකෙනවා. එදා බෝඩිමට ගිහින් හොඳට නිදාගත්තා. හැබැයි ඉතින් හවස් වරුවෙ, පොත් ටිකක් අල්ලගෙන නොතේරුණු ඉලෙක්ට්‍රොනික්ස් පාඩම ගොඩදාගන්නත් ට්‍රයිකළා.

පහුවෙනිදා කැම්පස් යන්න හම්බුනේ නෑ. ඇඟට පණ නෑ. ඔළුව කැරකෙනවා. ( පෘථිවිය භ්‍රමණයවන බව නිරීක්ෂණාත්මකව සනාථ කරගැනීම ) බෝඩිමේ ඇන්ටිලා මට බනිනවා, මම vegetarian නිසා  ඇඟේ ශක්තිය මදි කියලා. {බෝඩිමේ ඇන්ටිලා දෙන්නෙක් ඉන්නවා ( අක්කයි, නංගියි ). තව මේ දෙන්නගෙ සහෝදරියකගෙ පුතුන් දෙදෙනා ඉන්නවා(මට අයියලා)} ඔය එක අයිය කෙනෙකුටත් මට උණ තිබුණ කාලෙම ඩෙංගු හැඳුනා. එයත් හිටපු vegetarian කෙනෙක්. හැබැයි ලෙඩවුනයින් පස්සෙ ඇන්ටිලාගෙ බලපෑම මත, එයා ඕනදෙයක් කනවා. බදාදා තාත්තා ආව මාව ගෙදර එක්ක යන්න. දැන් ගෙදර ඇවිත් සතියක් වුනා. හිටියටවඩා දැන් තත්වෙ හොඳයි. ගෙදරිනුත් කියන්නෙ vegetarian පැත්තක දාන්න කියලා.

නමුත් මගෙ හෘදය සාක්ෂිය අනුව එය කළ නොහැකියි. මා දරන මතය අනුවනම් මාංශ පරිභෝජනය නොකරන විට, අහිංසක සතුන්ගේ ජීවිත නැතිකිරීමට අවශ්‍යතා අවමවේ. සසර කෙළවර වනතෙක් මා රැකීමට ඇරඹූ සීලයක්, මේ එක් ජීවිතයක පැවැත්ම උදෙසා බිඳ ගත යුතුද ? මා දන්නා ආකාරයට සීල  පරමත්ත පාරමිතාව යනු මෙයයි. මෙය දිගටම රක්ෂා කිරීම වීර්ය පාරමිතාවක්ද වනවා. ඔබට ගැටලුවක් පැන නඟින්න පුළුවන්, මීළඟ භවයන් වළදීත් මේ භවයේ රකිනා සීලයන් රැකිය හැකිදැයි; යනුවෙන්. සසර පුරුද්ද අනුව එය සිදුවිය හැකිබව මාගේ විශ්වාසයයි. අනෙක, කුසල් හා පින් සිදුකිරීමට සුදුසු පරිසරයක ඉපදීමටද පිනක් තිබිය යුතුවනවා.

ප්‍රතිචාර 9

Filed under මට වෙච්ච වැඩ, මම, විශ්ව විද්‍යාලය

9 Responses to මාසයක් ගෙදර

  1. අප්පේ මාර පුරස්නයක්නේ. වෙජිටේරියන් වෙලා ඉන්න පුලුවන් නම් හොඳයි ඉතින්. මමත් කාලයක් වෙජිටේරියන් වෙලා හිටියා. මස් මාලු කෑම හොඳද නරකද කියන එක දෙපැත්තටම වාද කරන්න පුලුවන් ඉතින්. අන්තිමේදි තිරණය කරන්න වෙන්නේ තමන්ගේ පෞද්ගලික යහගුණ මත (personal morality) තමා.

  2. වෙජිටේරියන් කෙනෙකුට විටමින් B-12, සින්ක්, කැල්සියම්, යකඩ වගෙ ඌනතා එන්න ඉඩක් තියනව. ඕකට ඉතින් පාරමිතා පුරනව කියල ලෙඩ වෙන්න එපා, ආරෝග්‍යා පරමා ලාභා කියල බුදු හාමුදුරුවොත් කිව්ව නෙ, ඒ පෝශ්‍ය පදාර්ථ තියෙන වෙජි කෑම හොයා ගන්න බැරි නම් විටමින් / අයන් පෙති කරල් ගැනවත් හිතන්න.

  3. Hasiya

    ඔබට ඉක්මණින් නීරෝගී බාවය ලැබේවා කියලා තමා මම ප්‍රාර්ථනා කරන්නේ.

    ඒ වගේම මම හිතන විදිහට ඔයාට අධිෂ්ඨානයක් ඇතිකරගන්න පුළුවන්.
    ” මම කිසිම සත්වයෙක්ට හිංසා කරන්නේ නැහැ. කිසිම සත්වයෙක්ගේ ජීවිත්විමේ අයිතිය නැතිකරන්නේ නැහැ. එහි බලයෙන් මට නීරෝගී බව ලැබේවා, මාගේ නීරෝගී බව තහවුරු වේවා ” කියලා.

  4. මාත් අයියගේ කතාවට එකගයි.මමත් දැන් අවරුදු ගානක ඉඳල vegetarian තමා. මටත් ඔයවගේම සැහෙන බලපෑම් තියෙනවා. නමුත් සැලෙන්න එපා. Keep it up.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )