2009 Version : තයෝධම්ම ජාතකය

සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි.

පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස් ස්ථානයේදී එක් සුවිශේෂී පැමිණිල්ලක් සටහන්විය. එනම්, “ජුමුරි” නම් වැඳිරියක විසින් තම ස්වාමි වඳුරාවන “රාජා” ට විරුද්ධවයි. පැමිණිල්ලට හේතුව වනුයේ ඔවුන්ගේ දරුවාවන “කුනා” නමැති තෙමස් වියැති වඳුරු පැටවාව ඝාතනයට රාජා විසින් කිහිපවිටකම උත්සාහ දැරීමයි. කුනා යනු ඔවුන්ගේ දෙවන දරුවායි. මීට පෙර පළමු දරුවාව රාජා විසින් මරා දමා තිබේ. එබැවින්, කුනාගේ ආරක්ෂාව වෙනුවෙන් ජුමුරි, ගම්මුන්ගේද සහය ඇතිව පොලිස් ආරක්ෂාව පැතීය. අස්තරන්හි පොලිස් පරීක්ෂක සතින්ද්‍ර කුමාර් දාස් මහතා ප්‍රරකාශ කරන අන්දමට, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 363, 366, 507 හා 511 යන වගන්ති යටතේ මෙම පැමිණිල්ල සටහන්කරගෙන තිබේ.

මෙම පුවත දුටුවනම මාගේ මතකයට පැමිණියේ මීට සමාන ජාතක කාථාවක් ඇති බවයි. නමුත්, එහි නම මාගේ මතකයේ නොතිබූ අතර, මා සන්තකයේ ඇති සංෂිප්ත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පෙරළා බලා මහත් පරිශ්‍රමයකින් අනතුරුව එය සොයාගන්නා ලදි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස එය මෙහි පළකරමි.

එක් සමයක බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී දෙව්දත් තෙරුන්ගේ වධ කිරීමේ උත්සාහයක් නිසා මේ ධර්මය වදාළ සේක.

අතීතයෙහි බරණැස බඹදත් නිරිඳුගේ කාලයෙහි දෙව්දත් තෙර වඳුරු ජාතියෙහි ඉපිද හිමාලය පෙදෙසෙහි වඳුරු සමූහයා පාලනය කරමින් තමන්ට දාව උපන් පැටවුන් “මොහු වැඩී වානර සමූහය පාලනය කරතී” බියෙන් දතින් සපා ඔවුන්ගේ බීජ උපුටා දමයි. එකල බෝධිසත්ත්වයෝ ද ඔහුට දාව වැඳිරි කුසක පිළිසිඳ ගත්හ. වැඳිරිය අන් කඳු පෙදෙසකට ගොස් දරුගැබ රැකගෙන බෝසතුන් ප්‍රසූත කළාය.බෝධිසත්ත්වයෝ වැඩී ජවබල ඇතිව මවගෙන් සිය පියාණන් ගැන විමසා ඔහු වෙත ගෙන යන ලෙස කීහ. වැඳිරිය සියලු තතු හෙළි කළද බෝසතුන්ගේ ඉල්ලීම පරිදි එහි ගෙන ගියාය. වඳුරු රජ පුතු දැකීමත් සමඟම දැන්ම මොහු තුරන් කළයුතුයයි සිතා ආදර බස් කියා පුතු වැළඳ ගන්නා ලෙස පෙන්වා තරයේ මිරිකාලීය. ඇත්බල ඇති බෝධිසත්ත්වයෝ ද එසේම තරයේ මිරිකා ලුහ. එවිට වඳුරු රජුට මැරෙන තරමේ වේදනාවක් දැනිණ. කවර උපායකින් හෝ පැටවා මරාදැමිය යුතුයයි සිතූ ඔහු “දරුව, මම දැන් මහලු වෙමි. තොපට අදම රාජ්‍යය පාවා දෙමි. වහා ගොස් අසවල් විලෙන් ඇඹුල, උපුල, නෙළුම්මල් ගෙනව” යි රාක්ෂසාධිගෘහිත විලකට පාර දැක්වීය. ඒ රාක්ෂසයා විලට බසින සියලු සතුන් කා දමයි.

බෝධිසත්ත්වයෝ එහි ගොස් එය රාක්ෂසාධිගෘහිත විලකැයි දැන උපායෙන් මල් කඩාගෙන යෙමී වේගයෙන් අහසට පැන උඩ නැඟී මල් කඩාගෙනම එතෙරට පනිති. ඒ ක්‍රමයෙන්ම මෙතෙරටත් පනිති. මෙසේ රාක්ෂසයාගේ අණසක ඇති දියටත් නොබැස මලුත් කඩන බෝසතුන් දැක පුදුමයට පත්ව දිය දෙබේ කොට මතුවී වඳුරාණෙනි මෙසේ පැමිණි බිය දුරු කිරීමේ ප්‍රඥාවෙන් යුත් වීර්යය, නිර්භීතකම, උපායඥානය යන තුන් ධර්මය යමෙකුට ඇත්නම් ඔහු සතුරන් ජයගන්නේයයි බෝසතුන්ට ප්‍රශංසා කළේය. ඉක්බිති මේ මල් කුමටදැයි විමසා සියතින්ම ඔසවා ගෙන බෝසතුන් පසු පස ගියේය. දුරදීම එන බෝසතුන් දුටු වඳුරු රජ රකුසන් කතී සිතා මම මොහු යැවීමි. දැන් රකුසා ලවාම මල් ගෙන්වා ගෙන එයි. විනාශකැයි ළය පැළී මළේය. වඳුරෝ එක්ව බෝසතුන් රජ කළාහුය.

මෙසේ මේ පුවත වදාළ සර්වඥයන් වහන්සේ එකල වඳුරුනායක දේවදත්ත ස්ථවිරයෝය. පුත්‍රයා නම් භාග්‍යවතුන් වහන්සේමයයි වදාළ සේක.

ප්‍රතිචාර 2

Filed under ජාත්‍යන්තර, රසවත්, සංවේදී

2 Responses to 2009 Version : තයෝධම්ම ජාතකය

  1. Hi,

    I appreciate your attempt. I have some problem with sinhala typing. Once I overcome I will post a sinhala comment.

    Thanks.

    viyanasl.myblog.lk

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )